අභාවප්‍රාප්ත මල්ලි සිහිපත් කරමින් ගැබිනි මව්වරුන්ට උපකාර කළ මල්ෂාගේ පවුල | Honouring Shehan Wishwajith: Supporting Expectant Mothers In Puttalam District
අද අපේ පුත්තලම අහස යට විශේෂ දවසක්.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය චරිතයක් වන මල්ෂා සහ ඇගේ ආදරණීය පවුල අපේ පුත්තලම අහස යට වැඩසටහන සමඟ එක්වුණා. මීට වසර කිහිපයකට පෙර අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගත් ඇගේ ආදරණීය මල්ලි Shehan Wishwajith අද උපන්දිනය සමරන දිනයයි.
ඒ ආදරණීය මතකය සදාකාලික පිනක් බවට පත් කරමින්, Shehanගේ උපන්දිනය නිමිත්තෙන් පුත්තලම අහස යට ජීවත් වන අහිංසක ගැබිනි මව්වරුන් රැසකට අවශ්‍ය උපකාර ලබාදීමට මල්ෂා සහ ඇගේ මුළු පවුලම අත්වැල් බැඳගත්තා.
නැති වූ ආදරණීය පුතෙකුගේ මතකය තවත් ජීවිත රැසකට ආශීර්වාදයක් කිරීම සැබෑ මනුෂ්‍යත්වයේ ලස්සනම උදාහරණයක්.
මල්ෂාටත්, ඇගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තුතිය හා ගෞරවය. Shehan Wishwajithට නිවන් සුව අත්වේවා! ඔහුගේ නාමයෙන් සිදු වූ මේ සත්කාරය තවත් බොහෝ මව්වරුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් වේවා.
— සිතිජ පෙරේරා
පුත්තලම අහස යට


