ළමා දිනය වෙනුවෙන් බෝලවත්ත ගොන්සාලෙස් විද්‍යාලයේදී පැවැත්වුණු විශේෂ සත්කාරය | Bringing Smiles To Bolawatta Gonzales College On Children’s Day

මේ ඉන්නේ නාට්‍ය කරන කණ්ඩායමක් විතරක් නෙවෙයි… ❤️🙏

මේ ඉන්නේ බෝලවත්ත ගොන්සාලෙස් විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආදරණීය ගුරු මණ්ඩලයයි. ලෝක ළමා දිනය වෙනුවෙන් මේ ආදරණීය ගුරුවරු තමන්ගේ කාලය, ශ්‍රමය සහ කැපවීම යොදවලා ලස්සනට සූදානම් වෙලා අපූරු නාට්‍යයක් ඉදිරිපත් කළා. ❤️

හැබැයි මේ කතාව නාට්‍යයක් පෙන්වලා උත්සවයකින් අවසන් වුණේ නැහැ. මේ ගුරුවරුන්ගේ හදවත්වල තිබුණේ ඊටත් වඩා ලස්සන අරමුණක්. ඒ තමයි, මේ පාසලේ ඉගෙනුම ලබන තමන්ගේම ආදරණීය දරුවන්ට රසවත් දිවා ආහාර වේලක් ලබා දෙන්න කටයුතු කිරීම. 🥰

ඉතින්, ඒ උතුම් කාර්යයට මටත් පුංචි හෝ දායකත්වයක් ලබා දෙන්න අවස්ථාව ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා.

මේ දරුවෝ තමයි අපේ අනාගතය. ❤️

අපි හැමෝම එකතු වෙලා අපේ දරුවන් වෙනුවෙන් අපට කළ හැකි හොඳම දේ කරමු. මොකද, දරුවෙකුගේ මුහුණට සිනහවක් ගේන්නත්, ඔවුන්ගේ ජීවිතයට පුංචි හෝ ආලෝකයක් එකතු කරන්නත් අපිට පුළුවන් නම්, ඒක තමයි සැබෑ සතුට.

මේ සත්කාර්යය සාර්ථක කරගන්න මට ලොකු සහයෝගයක් ලබා දුන් මගේ ආදරණීය යාළුවන් දෙදෙනා වන Supun සහ Thilina විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ උතුම් කාර්යයකදී මාත් එක්ක අත්වැල් බැඳගත් ඔබ දෙදෙනාටම බොහොම පින්! 🙏❤️

අපි හැමෝම එකතු වුණොත්, අපේ දරුවන්ගේ හෙට දවස තවත් ලස්සන කරන්න අපට පුළුවන්. 🌸❤️

#PuttalamAhasaYata

වෛද්‍ය සිතිජ පෙරේරා

Puttalam Ahasa Yata ❤️🌍

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *