අලුත් උපන් බිළිඳුන්ට සහ අම්මලාට ආදරයෙන් පිරිනැමූ විශේෂ පරිත්‍යාගය | Bringing Smiles To New Mothers And Babies In Puttalam District
අද “පුත්තලම අහස යට” තවත් සුන්දර දවසක්… ![]()
අද මේ සත්කාරක කාර්යයට සම්පූර්ණ දායකත්වය ලබාදුන්නේ මේ ඡායාරූපයේ සිටින ආදරණීය අක්කායි. ඇයටත්, ඇගේ මුළු පවුලේ සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තුතිය සහ අනන්ත පින්.
අද අපි “පුත්තලම අහස යට” තුළින් අලුතින් දරුවන් ලැබූ අම්මලා 20 දෙනෙකු තෝරාගෙන, ඔවුන්ගේ පුංචි මැණිකන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය දෑ ආදරයෙන් පරිත්‍යාග කළා. අලුත් ජීවිතයක් ආරම්භ කරන ඒ පවුල්වලට මේ පුංචි උපකාරය බලාපොරොත්තුවක් හා සිනහවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
යහපත් මිනිසුන් නිසාම ලෝකය තවමත් ලස්සනයි. ඔබ වැනි දානශීලී හදවත් අපේ ගමනට ලොකු ශක්තියක්.
ඔබ සැමට තෙරුවන් සරණයි! ![]()
![]()
– වෛද්‍ය සිතිජ පෙරේරා
පුත්තලම අහස යට

