ඩෙංගු මර්දන මෙහෙයුම් අතරතුර අප දරාගත් වේදනාව සහ ඉදිරි වගකීම | The Heavy Burden of Healthcare: A Plea for Community Responsibility Against Dengue
මේක සංචාරයකදී ගත්ත ඡායාරූපයක් නොවේ…
මේ අපි ඩෙංගු මර්දන මෙහෙයුමක රාජකාරි කරමින් සිටියදී ගත්ත ඡායාරූපයක්.
මේ ඡායාරූපයේ ඉන්න අපි හතර දෙනා සති හයක් පුරා, ඉරිදා දින පවා නොබලා, අපේ රාජකාරියට කැපවෙමින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙසුණා. නමුත් සියලු උත්සාහයන් මැද තවත් අහිංසක ජීවිතයක් අප අතරින් සමුගත්තා.
ඩෙංගු රෝගය නිසා අපේ දිස්ත්‍රික්කයේ දෙවන මරණය ලෙස තවත් තරුණ ජීවිතයක් අපෙන් සමුගත්තා.
මගේ හිතේ නිතරම නැගෙන එකම සිතුවිල්ල…
“ඒ දරුවා මට ඊට පෙර එක් වරක් හෝ හමුවුණා නම්… මේ අවසානය මෙසේ ලියවෙන්න ඉඩ නොදෙන්න තිබුණාද?”
සෞඛ්‍ය සේවයේ නිරත අපි බොහෝ දෙනා නිහඬව දරාගෙන යන වේදනාවක් මේක. එහෙත් අපි නතර වෙන්නේ නැහැ. තවත් ජීවිත ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් අපි ඉදිරියටම යනවා.
ඩෙංගු මර්දනය සෞඛ්‍ය අංශයේ පමණක් වගකීමක් නොවේ. අපේ ගෙවල්, අපේ පරිසරය සහ අපේ ප්‍රජාව ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමකි.
වෛද්‍ය සිතිජ පෙරේරා
පුත්තලම අහස යට

