පිරිසිදු මුන්නේශ්වරමක් වෙනුවෙන් එකමුතු වූ දෑත්: පුත්තලම් අහස යට තවත් පියවරක් | Keeping Munneswaram Clean: A Community Effort by Puttalam Ahasa Yata

මුන්නේශ්වරම් කෝවිලේ මංගල්‍යය පැවැත්වෙන මේ පින්බර දිනවල දිනකට දහස් ගණනක් බැතිමතුන් භක්තියෙන් කෝවිල වන්දනා කිරීමට පැමිණෙනවා.

එතරම් විශාල ජනතාවක් පැමිණෙන ස්ථානයක පරිසරය පිරිසිදුව තබා ගැනීම ලෙහෙසි කාර්යයක් නොවේ. නමුත් අද මේ අවට බලද්දී කොළ කැබැල්ලක්වත් දකින්න නැහැ. ඒ පිරිසිදුකම පිටුපස තියෙන්නේ බොහෝ දෙනෙකුගේ නිහඬ කැපවීම, දහඩිය සහ පරිසරයට ඇති ආදරයයි.

අපේ දිස්ත්‍රික්කයේ “Clean City” කියන සංකල්පය අපේ සිත්වලට කාවද්දමින්, එය දෛනික පුරුද්දක් බවට පත් කරන්න අපට නායකත්වය, ධෛර්යය සහ මඟපෙන්වීම ලබාදුන්නේ අපගේ ගරු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ Dr. Dimuth sir…. අද අප දකින මේ පිරිසිදු පරිසරය ඒ දැක්මේ සුන්දර ප්‍රතිඵලයක්.

මෙම කාර්යයට අත්වැල් බැඳගත් ශ්‍රී ලංකා යුද හමුදාව, ග්‍රාම නිලධාරී මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, පළාත් පාලන ආයතන සහ නොපෙනෙන ලෙස වෙහෙසෙන සියලුම කම්කරුවන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

නමුත් අවසානයේ මේ ගෞරවය රැකගන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම අපේ වගකීම ඉටු කළොත් විතරයි.

ඔබ අතින් බිමට වැටෙන එක කසළ කැබැල්ලක්, තවත් කෙනෙකුගේ පැය ගණනක මහන්සියක් නැති කරනවා. ඒ වෙනුවට ඒ කසළ කැබැල්ල නිසි තැනට දමන්න. එය ඔබේ රටට, ඔබේ ආගමට, ඔබේ දරුවන්ට සහ ඔබේ හෘද සාක්ෂියට කරන ගෞරවයක්.

පිරිසිදු පරිසරයක් කියන්නේ ලස්සනක් විතරක් නොවේ. එය අපේ සංස්කෘතිය, විනය සහ මිනිස්කම පිළිබඳ ප්‍රකාශයක්.

අපි එක්වෙමු… පිරිසිදු මුන්නේශ්වරමක්, පිරිසිදු පුත්තලමක්, පිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන්.

– වෛද්‍ය සිතිජ පෙරේරා

පුත්තලම අහස යට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *